ජාතික ආරක්ෂක හිටපු ලොක්කෙක් අත්අඩංගුවට

ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනයේ හිටපු අධ්‍යක්ෂ අසංක අබේගුණසේකර මහතා අද(21) කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිදුකරන විමර්ශනයකට අදාළව නිකුත් කර ඇති විදේශ ගමන් තහනමකට අනුව ආගමන විගමන නිලධාරීන් විසින් මොහු අත්අඩංගුවට ගෙන පොලිසියට භාරදී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.

අසංක අබේගුණසේකර මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ ඔසී අබේගුණසේකරගේ පුත්‍රයා ද වේ.

පොලිසිය මේ සම්බන්ධ පරීක්ෂණ පවත්වයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *