ජාතික ජනබලවේගයේ කැස්බෑව කාන්තා හමුව අද කැස්බෑව නගර සභා ශ්‍රවණාගාරයේදී පැවැත්වුනා

ලක්ෂ්මන් නිපුණආරච්චි

පාස්පෝට් 15000යි තිබුනේ එයාලා දාල යනකොට . පාස්පෝට් එක මුද්‍රණය කරන්න බෑ. අධිකරණයට ගිහින් අවසර ගත්තා 750000 ක් ගේන්න. ඒත් තාම පෝලිම තියෙනවා. කලින් 1600ක් පෝලිමේ හිටියේ දැන් 3000ක් ඉන්නවා. හදිසි නැති අයත් ඉන්නවා . අපිට දවසකට මුද්‍රණය කරලා ලැබෙන්නේ තුන්දාහක් විතර . ඒක ඒ තත්ත්වයට පත් කරපු අය දැන් පාස්පෝට් ගැන කථාකරනවා.

දැන් වීසා ගැටලුවක් නෑ. අපෙන් අහනවා කෝ දඬුවම් කරනවා කියලා. කියන්න තියෙන්නේ පොඩ්ඩක් හිටහල්ලා කියලා.

පොලිස්පති කෙනෙක් පත් කරන්න බැරිව හිටියේ . දැන් පොලීස්පති කෙනෙක් ඉන්නවා .

හරිනි අමරසුරිය

අද රටේ තත්ත්වය බලන කොට කාන්තා හමුවල පමණක් නෙවෙයි අපි යන හැම රැස්වීමකම මෙහෙම එකතුවක් දැකීම රටට සුබ ලකුණක්. දේශපාලන තුල ගත්ත තීරණ අපිට බලපෑවා. ඒසඳහා අපි කාලයක් තිස්සේ සටන් කලා. දේශපාලන බලය හසුරුවන තැන්වල අපි නැතිනම් අපිව නියෝජනය වෙන්නේ නෑ. ජාතික ජන බලවේගය අපි සක්‍රීය විය යුතුයි . ඒ සඳහා කාන්තා නායකත්වයක් ගොඩ නැගිය යුතුයි. පාර්ලිමේන්තු වේ තනතුරුම දරන්න අවශ්‍ය නෑ. රටේ 52%ක් හරි තැන හිටගත්තොත් අපිට මොනවාද කරන්න බැරි.

අපි තාම වෙනස් කරලා තියෙන්නේ විධායක බලය. පාර්ලිමේන්තු බලය අපි සුද්ද කරන්න ඕනේ. පාර්ලිමේන්තුව වැදගත් වෙන්නේ එය තුල තමයි නීති ජාතික ප්‍රතිපත්ති හැදෙන්නේ. නීතිය හදන තැනට නීති ගරුක අය යවන්න ඕනේ. මුදල් බාර තැනට හොරු යවලා හරියන්නේ නෑ. සුද්ද කරනවා කියලා අදහස් කරන්නේ එකයි . මාලිමාවෙන් පාර්ලිමේන්තුවට 18 ම යවන්න පුළුවන් නම් ඒක ලෝක වාර්තාවක් වෙයි.

මේ පහුගිය කාලයේ අපි පොරොන්දු උනා ක්‍රම වේදයක් තියෙන රටක්. පහුගිය කාලය තුල මේ පාලකයන් කොච්චර සිස්ටම් අවුල් කරලාද කියලා අපිට පහුගිය කාලයේ තේරුනා. ජනතාව තුල විශ්වාසයක් ඇතිවෙන්න ඕනේ මේ රාජ්‍ය සේවය තුල හරි දේ සිදු වෙයි කියලා. මේ වෙලාවේ පාසැල් දරුවන්ට අරබුද ගනනාවක් වෙලා තියෙනවා . ආර්ථිකය , කොවිඩ් නිසා අර්බුද ගනනාවක් වෙලා තියෙනවා. ඒ නිසා මේ හැම ක්ෂේත්‍රයක් තුලම විශ්වාසය ගොඩ නගා ඒ තුල සේවාව ලැබිය යුතු අයගේ ජීවිත පහසු වෙන විදිහට කටයුතු කරන්නේ කොහොමද කියන එක අපි බැලිය යුතුයි . දැන් විධායක බලය අපි යොදවන්නේ රටේ ජනතාවගේ ප්‍රශණ විසඳන්න. මේකේ ගුනාත්මක වෙනසක් ඇති කරන්නයි අපි උත්සාහ කරන්නේ. දරුවෙකුට පාර්ලිමේන්තු ගැලරියේ ඉඳගෙන කථා අහන්න පුළුවන් විදිහට, නීතිය හදාරන අයට හැන්සාඩ් එක අධ්‍යනය කරන්න පුළුවන් තැන බවට පාර්ලිමේන්තුව පත් කරන්න ඕනේ. අපි අලුත් කණ්ඩායමක් ඉදිරිපත් කරනවා. ඒ අයට දේශපාලන අත්දැකීම් තියෙනවා. අපි තුන්දෙනා පිටුපස ඉන්නවා විශාල කණ්ඩායමක්. අපි එන්න පෙර වැඩ කල ඒ සියලු දෙනාටම අපි වග කියන්න ඕනේ.

කොළඹ දිසානායට පමනක් සීමා වෙන්න එපා. 36 දෙනෙක් රට පුරා යෝජනා කරනවා. සෑම දිස්ත්‍රික්කයකින්ම අපි කාන්තා නියෝජනයක් හදමු කියන රැල්ල අපි කොළඹින් හදමු. මේ පාර පාර්ලිමේන්තුවේ වැඩිම කාන්තා නියෝජනය මාලිමාවෙන් කරමු.

අවුරුදු 75 ක් මේක විනාශ කරපු අය දැන් එක එක කතා කියනවා. මමයි අනුරයො රන්ඩු වෙනවා කියුවා. මුදල් නෝට්ටු අච්චු ගහනවා කියුවා. හොරු අල්ලන්නේ මොකද කියලා හොරු අපෙන් අහනවා. අපි හොරා පොලිස් කරන්න නෙවෙයි බලයට ආවේ. අපි මේ රටක් හදන්න මේ බලයට ආවේ. ඒ අය වගේ බන්ධනාගාර රෝහලට හෝ වෙන පැත්‍තකට යන්න නෙවෙයි වැඩ කරන්නේ. අපි ඒක ක්‍රමානුකූලව කරන්නේ. කට්ටියට හිරේ යන්න හදිසියි කියලා අපිට කරන්න දෙයක්  නෑ

What's your reaction?

Related Posts

1 of 350

Leave A Reply

Your email address will not be published. Required fields are marked *