ජාතික බාලදක්ෂ සම්මාන උළෙල – 2022 – 2024

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය මගින් සංවිධානය කරනු ලබන ජාතික බාලදක්ෂ සම්මාන ප්‍රදානොත්සවය ගරු අග්‍රාමාත්‍ය , ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවියගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී පැවැත්වුණා. අග්‍රාමාත්‍ය ලේකම් සපුතන්ත්‍රී මහතා , ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු , නියෝජ්‍ය ප්‍රධාන කොමසාරිස් එම්.එෆ්.එම් මුහීඩ් ඇතුළු දේශීය විදේශීය සම්භාවනීය ආරාධිතයන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වුණා.


ශ්‍රී ‍ලංකා බාලදක්ෂ ව්‍යාපාරය වෙනුවෙන් ස්වේච්ඡාවෙන් වසර 05 කට වඩා විශිෂ්ට සේවාවක් ඉටුකළ ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයකින්ම වැඩිහිටි බාලදක්ෂ නායක නායිකාවන් 574 දෙනෙකු සම්මානයට පාත්‍ර වූ අතර ඔවුන් කාණ්ඩ කිහිපයක් යටතේ ඇගයීමට ලක් කරන ලදී.
මීට අමතරව ලෝකයේ අනෙකුත් රටවල් සමඟ පවතින මිත්‍රත්වය වැඩි දියුණු කර ගැනීම සඳහා එම රටවල බාලදක්ෂ කොමසාරිස්වරුන් වෙත ද මෙම අවස්ථාවෙදී

” INTERNATIONAL FRIENDSHIP AWARD ” 11ක් ප්‍රදානය කිරීමට කටයුතු කෙරිණි.
බාලදක්ෂ ව්‍යාපාරය වෙත අනුග්‍රහයන් හා අනුපමේය දායකත්වයක් ලබා දෙනු ලබන ත්‍රිවිධ හමුදාවට හා රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන 09 ක් සදහා ස්තූති ඵලක පිරිනැමීම ද මෙම උත්සවයේ දී සිදු විය.
මෙහිදී පිරිනමන ඉහළම සම්මානය වන
” Silver Lion ” සම්මානයෙන් ඩබ්ලිව්. එම්. එල් චන්ද්‍රාණි ප්‍රනාන්දු , එම්. ජී. වී. ලසන්ත කුරේ , පී තිලක්මන් පද්මසිරි ප්‍රනාන්දු , එන්. ඉන්ද්‍රජිත් රාමනායක , ජී. ප්‍රේමා වීරසේකර , ඩබලිව්. ඩි. වීරසේකර , කේ. සරත් සෝමවීර සිල්වා , එච්. එම්. එල්. පී නමුණුකුල යන මහත්ම මහත්මීන් පිදුම් ලැබීය.
ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් නිතීඥ ජනප්‍රිත් ප්‍රනාන්දු මහතාගේ මග පෙන්වීම යටතේ සංවිධායක කොමසාරිස් සහ ප්‍රධාන කොමසාරිස් ප්‍රහාත් කුලරත්න මහතා ඇතුලු සංවිධායක මණ්ඩලය මෙම සම්මාන ප්‍රදානෝත්සවය සංවිධානය කරන ලදී.

මෙම සම්මාන තෝරා ගැනීමේ කමිටුව නියෝජ්‍ය ප්‍රධාන කොමසාරිස් එම්. එෆ්. එම් මුහීඩ් මහතාගේ සභාපතිත්වයෙන් ක්‍රියාත්මක විය. ජාතික පුහුණු කිරීමේ කොමසාරිස් කර්නල් පද්මලාල් පෙරේරා , හිටපු වැඩසටහන් කොමසාරිස් සරත් මාතරආරච්චි සහ සහය ප්‍රධාන කොමසාරිස් රේණුකා සිල්වා යන මහත්ම මහත්මින් එම කමීටුව නියෝජනය කලේය.
සභාව ඇමතූ ගරු අග්‍රාමාත්‍ය , ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළේ

@ ලෝක ප්‍රවණතා සමඟ බාල දක්ෂ ව්‍යාපාරයත් වෙනස් විය යුතුයි.
@ බාල දක්ෂ ව්‍යාපාරයේ යනු ලෝකයේ ළමයින් වෙනුවෙන් බිහිවූ විශාලතම ස්වේච්ඡා සංවිධානය.
@ ලෝකයේ රටවල් 157 ක මිලියන 57ක් පමණ මෙහි සාමාජිකත්වය ලබාගෙන තිබෙනවා.
@ අරමුණ අනාගත ළමා පරපුර යහපත් පුරවැසියන් බවට පත් කිරීමයි.
@ රටේ දරුවන්ට හොඳම දේ ලැබිය යුතුයි.
@ ඒ සඳහා ආණ්ඩුවක් ලෙස අපි කැපවෙනවා.
@ බාලදක්ෂ ව්‍යාපාරය හරහා ළමා පරපුර යහපත් වටපිටාවක් වෙනුවෙන් සකස් කරනවා.
@ තමන්ගේ වැඩ තමන්ටම කරගන්න පුරුදු පුහුණු කරනවා.
@ බාල දක්ෂ ගුරුවරුන් කරන සේවාව අගය කළ යුතුයි.
@ ශ්‍රී ලංකා බාල දක්ෂ සංගමයට ජනාධිපතිතුමා ඇතුළු රජයේ ස්තුතියි ප්‍රකාශ කරනවා.
@ බාලදක්ෂ පොරොන්දුව අනුව රට දැය වෙනුවෙන් සේවය කිරීමට ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා.
@ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට බාල දක්ෂ ව්‍යාපාරයේ සහයෝගය අවශ්‍යයි.
@ බාල දක්ෂ ව්‍යාපාරයේ සාමූහිකත්වය ඉතාමත් වැදගත්.
@ පාසල් මට්ටමින් වාඩිදක්ෂ ව්‍යාපාරය දියුණු කරන්න අධ්‍යාපන අමාත්‍යාංශය ලෙස අපගේ උපරිම සහයෝගය ලබා දෙනවා.
@ අධ්‍යාපනය කියන්නේ දැනුම පමණක් නොවේ අධ්‍යාපනය කියන්නේ අත්දැකීමක්.
@ පාසල් පද්ධතියේ බාල දක්ෂ ගුරුවරුන් ඇගැයීමට වැඩපිළිවෙලක් අවශ්‍යයි.

What's your reaction?

Related Posts

1 of 538

Leave A Reply

Your email address will not be published. Required fields are marked *