ජාතික මානසික සෞඛ්‍ය දිනය අගමැතිනි ප්‍රධානත්වයෙන්

රැකියා ස්ථානයේ මානසික සෞඛ්‍යයට මුල්තැන දෙමු හේමාවෙන් මෙවර ලෝක මානසික සෞඛ්‍ය දින සමරුව කොළඹ පදනම් ආයතනයේ දී අද පෙරවරුවේ පැවැත්වුණා.

අගමැතිනි සහ සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් සහ මානසික සෞඛ්‍ය පිළිබඳව විශේෂඥ වෛද්‍යවරු ඇතුළු පිරිසකගේ ප්‍රධානත්වයෙන් සමරුව පැවැත්වුණා..

මෙහිදී සභාව ඇමතූ අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය,………….
මට මේක බොහොම සුපුරුදු ක්ෂේත්‍රයක් වන අතර රජයක් ලෙස අපි මේ ක්ෂේත්‍රය පිළිබඳ විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා..මානසික සෞඛ්‍ය සහ මානසික යහපැවැත්ම ගැන මීට වඩා අපි අවධානය යොමු කළ යුතුයි.මෙවර තේමාව වන රැකියා ස්ථානයේ මානසික සෞඛ්‍යයට මුල් තැනදීම පිළිබඳව අපි විශේෂ අවධානයක් යොමු කිරීමට කාලය එළැඹිලා.වැඩ ජීවන සමතුලිතභාවය ගැන සැලකීමේදී කාන්තාවන්ට විශේෂ පීඩාකාරී තත්ත්වයක් දක්නට තිබෙනවා.සමාජ පද්ධතිය ගැනම අවධානය යොමු කරමින් විසඳුම් සෙවීමට සිදුව තිබෙන්නේ.
දරුවන්ගේ මානසික සෞඛ්‍ය තහවුරු කිරීමට නොහැකි වීම තුළ අද ඔවුන් ගැටලු රැසකට මුහුණ දෙමින් සිටිනවා.මේ සඳහා ප්‍රතිපත්ති සහ සැලසුම් සැකසීමට විශේෂ අවධානයක් යොමු කළ යුතුයි.දරුවන් සියදිවි නසා ගැනීම් දක්වා මේ තත්ත්වය පුළුල් වෙලා.පාසලේ ගුරුවරයාට දොස් කීමෙන් එහාට මේ දිහා බැලිය යුතුයි.දරුවන්ට තරුණ තරුණියන්ට සංවේදී මානසික සෞඛ්‍ය සේවයක් ගැන අවධානය යොමු කළ යුතුයි.මේක වෛද්‍ය ප්‍රජාව පමණක් නොව මනෝ සමාජීය ගැටළුවක් ලෙස සලකා සැලසුම් සැකසිය යුතු අතර මෙය රජයේ ප්‍රමුඛතාවය බවද දන්වා සිටීමට කැමතියි.

වැඩ බලන සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය ලක්ෂ්මි සෝමතුංග මහත්මිය,සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධනz මහතා ඇතුළු පිරිසක් සභාව ඇමතුවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *