ට්‍රම්ප් ජනාධිපතිවරණයට

නොවැම්බරයේ පැවැත්වෙන අමෙරිකානු ජනාධිපතිවරණය සඳහා රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපති අපේක්ෂයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් ව නිල වශයෙන් නම් කර ඇත.

ඒ රිපබ්ලිකන් පක්ෂ සම්මේලනයේ දී ය.

ඒ අනුව ඔහුගේ උපජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස සෙනෙට් සභික ජේඩී වාන්ස් නම් කර ඇති අතර රිපබ්ලිකන් පක්ෂය මෙම තීරණයක් ගෙන ඇත්තේ, පසුගිය දා ඩොනල්ඩ් ට්‍රම්ප් සහභාගී වූ මැතිවරණ රැළියකට වෙඩි ප්‍රහාරයක් පවා එල්ල වී ඇති පසුබිමකය.

පෙන්සිල්වේනියාවේ පැවති මැතිවරණ ප්‍රචාරක රැලියක් අතරතුර දී එම වෙඩි තැබීම වාර්තා වූ අතර ඉන් හිටපු ජනාධිපතිවරයාගේ කනක් තුවාල වී තිබුණි.

එහිදී වෙඩි ප්‍රහාරය එල්ල කළ බවට සැක කෙරෙන අයෙකු බුද්ධි අංශ ස්නයිපර් වෙඩික්කරුවෙකු විසින් එල්ල කරන ලද ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව තිබුණි.

සැකකරු 20 හැවිරිදි තෝමස් මැතිව් කෲක්ස් නැමැත්තෙකි.

මෙම සිද්ධියේදී රැලිය නැරඹීමට පැමිණ සිටි පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්වූ අතර තවත් දෙදෙනෙක් බරපතළ තුවාල ලැබීය.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *