ඩෙංගු අධි අවධානම් දිස්ත්‍රික්ක 5ක්

කොළඹ, ගම්පහ, කලුතර, මහනුවර සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවල ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

මේ අනුව මෙම මස ගත වූ දින 5 තුළ පමණක් අදාළ දිස්ත්‍රික්ක තුළින් රෝගීන් 497 දෙනෙකු වාර්තා වී ඇති බවයි එම ඒකකය සඳහන් කළේ.

එමෙන්ම ජනවාරි මාසයේ සිට මේ දක්වා ඩෙංගු රෝගීන් 25,417 දෙනෙකු වාර්තා වී ඇති අතර සිදුව ඇති පුද්ගල මරණ සංඛ්‍යාව 9 ක්.

මේ අනුව පවතින තත්ත්වය සළකා බලා දුමායන කටයුතු සහ පිරිසිදු කිරීමේ කටයුතු අඛණ්ඩව සිදු කරන බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *