ඩෝලරයේ වාසිය කෝ?

ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වීමේ වාසිය ජනතාවට ලබා නොදීම ගැටලු සහගත බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයනාංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ පවසනවා.

ඔහු සඳහන් කළේ පාරිභෝගික සේවා අධිකාරිය ඇතුළු බලධාරීන් ඒ සඳහා මැදිහත් විය යුතු බවයි.

මේ අතර, ආසියානු සංවර්ධන බැංකුවේ 57 වැනි වාර්ෂිත රැස්වීමට සහභාගී වීම සඳහා ජෝර්ජියාවට ගොස් සිටින මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ, අමෙරිකාව
භාණ්ඩාගාර නියෝජ්‍ය සහකාර ලේකම් රොබට් කප්රෝත් ඊයේ (03) හමු වී තිබෙනවා.

එහිදී ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ ක්‍රියාවලියේ ප්‍රගතිය සම්බන්ධයෙන් පුළුල් ලෙස සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම සාකච්ඡාවේදී රොබට් කප්රොත් කියා සිටියේ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියට ඇමරිකාව සිය උපරිම සහය ලබාදෙන බවයි.

එමෙන්ම චීන නියෝජ්‍ය මුදල් අමාත්‍ය ලියෝ මින්ග් සමඟ ද මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ සාකච්ඡාවක නිරතවී තිබෙනවා. එහිදී මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සඳහා චීනයේ සම්පූර්ණ සහය ලබාදෙන බවයි චීන නියෝජ්‍ය මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *