තණමල්විල පොලිස් වසමේ අලුත්වැව කන්ද ප්‍රදේශයේදී සරුවට වගා කරතිබු ගංජා වගාවන් 03 ක් එක මිටට විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ අත්අඩංගුවට

විශේෂ කාර්ය බලකාය උඩවලව කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි හම්බන්තොට කලාපය බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත ද සිල්වා මහතාගේ මෙහෙයවීම මත උඩවලව කඳවුරේ අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක පි.ආර්.එස්. නුවන් කුමාර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් 2024.09.08 වන දින තණමල්විල පොලිස් වසමේ අලුත්වැව කන්ද ප්‍රදේශයේ ස්ථාන තුනකදී වැටලීම් සිදුකර ඇත.

එහි දී නීති විරෝධී ලෙස පර්චස් 20 ක, පර්චස් 05 ක හා පර්චස් 20 ක පමණ භූමි ප්‍රදේශයන් වල වගා කර තිබූ ගංජා ගස් 12,000 ක් පමණ වන වගාවන් 03 ක් සැකකරුවන් නොමැතිව අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ගංජා ගස් 30 ක් තණමල්විල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත. ඉතිරි ගංජා ගස් සියල්ල ගිණි තබා විනාශ කිරීමට කටයුතු කර ඇත.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *