තරුණයෙකුට බිහිසුණු රිය අනතුරු දෙකක් එකට වූ මහල්වරාව

රිය අනතුරකින් පාරේ ඇද වැටී සිටි යතුරුපැදිකරුවෙක් අමාරුවෙන් නැගිටීමට උත්සාහ දරන අතර තුර වේගයෙන් පැමිණි ජීප් රථයක් යතුරුපැදිකරු හප්පා පලා ගොස් තිබෙනවා.

අනතුරින් තුවාල ලැබූ තරුණයාගේ පාද දෙක සහ අතක් බිදී ඇති අතර හිසට බරපතල තුවාල සිදුව ඇති බවද පොලිසිය පවසනවා.

මේ අනතුර හයිලෙවල් මාර්ගයේදී සිදුවී ඇති බවයි කොට්ටාව පොලිසිය පවසන්නේ.

තුවාලකරු ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව වැඩ් දුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරු කර යවා තිබෙනවා.

වනවිට තුවාලකරුට ශල්‍ය කර්ම දෙකක් සිදුකොට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.

එම තරුණයා රාත්‍රී සේවා මුරය නිමවා කොළඹ සිට හයිලේවෙල් මාර්ගය ඔස්සේ කොට්ටාවට එමින් සිට තිබෙනවා.

එහිදී අද (08) අලුයම 05.20 පමණ ඔහු පැමිණි යතුරු පැදිය මහල්වරාව හන්දිය ආසන්නයේදී මාර්ගය මැද ලිස්සා වැටීමෙන් අනතුරට පත්ව ඇති බවයි පැවසෙන්නේ.

ඒ මොහොතේ අපහසුවෙන් නැගී සිටීමට උත්සාහ කළ තරුණයා පසු පසින් ආ ජීප් රථය ඔහු හප්පා නොනවත්වා ධාවනය කර ඇති බවයි පොලිසිය පවසන්නේ.

අනතුර සිදුකර පලාගිය ජීප් රථය සොයා විමර්ශන සිදු කරන බව පොලිසිය පැවසුවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *