තරුණ අපේක්ෂකයෙකු වශයෙන් රටේ සංස්කෘතිය ආරක්ෂා කරනවා

මෙවර ජනාධිපතිවරණයේදී තරුණ අපේක්ෂකයෙකු ලෙස මෙරට සංස්කෘතිය ආරක්ෂා කිරීම තම ප්‍රධාන වගකීමක් බව ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ පවසනවා.

ඔහු මෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අද (17) පෙරවරුවේ මහනුවරට පැමිණි අවස්ථාවේදී මේ බව ප්‍රකාශ කළා.

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහනුවර ශ්‍රි දළදා මාළිගාවට ගොස් දළදා සමිදුන් වැද ආශිර්වාද ලබා ගත්තා.

ඔවුන් මල්වතු මහා විහාරයට ගොස් මල්වතු පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවවේ ශ්‍රී සුමංගල නා හිමියන් බැහැ දුටුවා.

අනතුරුව අස්ගිරි විහාරයට ගිය මහින්ද රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නා හිමියන් බැහැ දුටුවා.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් ක්‍රියාකාරී හමුවක්ද ඊයේ පස්වරුවේ එම පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ ගේ ප්‍රධානත්වයෙන් මහනුවර – අම්පිටිය ප්‍රදේශයේදී පැවැත්වුණා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *