තවත් පාතාල කල්ලි සාමාජිකයින් පිරිසක් කොටු වෙයි

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස්පතිවරයාගේ උපදෙස් මත ආරම්භ කළ විශේෂ මෙහෙයුමේදී තවත් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ ඊයේ (25) දිනයේ ඔවුන් අත්අඩංගුවට ගත් බවය.

ඒ අනුව, එම මෙහෙයුම ආරම්භ කරන ලද පසුගිය 19 වනදා සිට ඊයේ (25) දින දක්වා සංවිධානාත්මක අපරාධ කල්ලි සාමජිකයින් 63 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

එම සැකකරුවන් රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන වැඩිදුර විමර්ශන සිදුකරන බව පොලීසිය පවසයි.

විශේෂ මෙහෙයුමේ නිරත නිලධාරීන් විසින් ඉහත සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් 12 දෙනා අත්අඩංගුවට ගැනීමට අමතරව ඊයේ සිදුකරන ලද වැටලීම්වලදී තවත් සැකකරුවන් 06 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇත.

පසුගිය 19 වනදා සිට බස්නාහිර පළාත හා දකුණු පළාත මූලික කර ගෙන ක්‍රියාත්මක සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් අත්අඩංගුවට ගැනීම සඳහා දිවයිනම ආවරණය වන පරිදි විශේෂ පොලිස් කණ්ඩායම් 20ක් යොදවා මෙහෙයුම් ආරම්භ කරන ලදි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *