තානාපති කාර්යාල එකට ගැටෙ ක්‍රිකට් සහ පාපන්දු තරගාවලිය

ඕස්ට්‍රේලියා දකුණු අප්‍රිකා මහ කෝමසාරිස්වරුද තරග බිමේ.

diplomatic cup

රාජ්යතාන්ත්රික ක්රිකට් කමිටුව විසින් සංවිධානය කරන ලද 7 වැනි වාර්ෂික රාජ්යතාන්ත්රික කුසලාන ක්රිකට් පාපන්දු තරගාවලිය රාජ්ය තාන්ත්රික දූත මණ්ඩල සහ එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන සාමාජිකයන් අතර ඔක්තෝබර් 20 ඉරිදා පැවැත්විණි. ඒ කොළඹ වෙස්ලි විදුහල් ක්රීඩාංගණයේදී. එය ව්යාපෘත සභාපති දකුණු අප්රිකානු තානාපති කාර්යාලයේ එම්.එස්.එම්. සිරාජ් මහතගේ ප්රධානත්වයෙන් පැවැත්විණි.

ක්රිකට් සහ පාපන්දු තරඟය සඳහා වූ කණ්ඩායම් වන්නේ කටාර් තානාපති කාර්යාලය, WFP කණ්ඩායම, ඉන්දීය තානාපති කාර්යාලය, IOM කණ්ඩායම, ඕස්ට්රේලියානු තානාපති කාර්යාලය, ඇමරිකානු තානාපති කාර්යාලය A , American Embassy B, UN Team, Canada Embassy, European Combination team, British Council, South African Embassy, ICRC කණ්ඩායම, ආසියානු කණ්ඩායම, ගල්ෆ් කණ්ඩායම සහ Mofa කණ්ඩායම, ඉන්දියානු තානාපති කාර්යාලය, ලෝක ආහාර වැඩසටහන, කැනේඩියානු තානාපති කාර්යාලය, බ්රිතාන්ය කවුන්සිලය, ඇමරිකානු තානාපති කාර්යාලය, ඕමාන් තානාපති කාර්යාලය, ICRC, ගල්ෆ් සංයෝජන කණ්ඩායම සහ සෞදි අරාබි තානාපති කාර්යාල කණ්ඩායම් සහභාගී වූහ.

දකුණු අප්රිකාවේ මහ කොමසාරිස් Sandile Edwin Schal, සෞදි අරාබියේ තානාපති Khalid Hamoud Nasser Aldasam Al Khatani සහ Australia තානාපති Paul Stephens යන මහත්වරු විවෘත කිරීමේ උත්සවයට සහාභාගී වූහ.

අවසන් මහා ක්රිකට් තරගයේදී ඇමරිකා එක්සත් ජනපද A කණ්ඩායම ඉන්දීය කණ්ඩායම පරාජය කළ අතර පාපන්දු අවසන් මහා තරගයේ ඉන්දියාව විසින් කැනඩාව පරාජය කරන ලදී.

ක්රිකට් සහ පාපන්දු ජයග්රාහී කණ්ඩායම්වල නායකයන් දකුණු අප්රිකානු මහ කොමසාරිස් Sandile Edwin Schalk අතින් ශූරතා සම්මාන ලබා ගත්හ.

ක්රිකට් තරගාවලියේ එක්සත් ජාතීන්ගේ හොඳම පන්දු යවන්නා, ඉන්දියාවෙන් හොඳම පිතිකරු, අවසන් මහා තරගයේ වීරයා ඇමරිකා එක්සත් ජනපදය, තෙවැනි ස්ථානය දකුණු අප්රිකාව සහ පාපන්දු හොඳම ගෝල රකින්නා ලෙස කැනඩාවෙන්, ඉහළම ගෝල ලාභියා වූ කෙනඩා සහ හොඳම ආරක්ෂකයා ලෙස ඉන්දුනීසියානු තානාපති ඩිවි ගුස්ටිනා ටෝබිං මහත්මීන් අතින්  සම්මාන ලැබීය.

What's your reaction?

Related Posts

1 of 357

Leave A Reply

Your email address will not be published. Required fields are marked *