තානාපති සේවාවටද ආදායම් ඉලක්ක ලබා දී ආර්ථිකය ශක්තිමත් කරනවා

තම රජයක් යටතේ තානාපති සේවාවටද ආදායම් ඉලක්ක ලබා දී ආර්ථිකය ශක්තිමත් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ, තඹුත්තේගම පැවති සක්වළ වැඩසටහනට එක් වෙමින්.

සක්වළ 188 වැනි අදියර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණේ, අනුරාධපුර, තඹුත්තේගම සෝලම විද්‍යාලය කේන්ද්‍ර කරගනිමින්.

එහිදි රුපියල් 1,177,000ක් වටිනා සුහුරු පන්ති කාමරයක් එම විද්‍යාලයට ලබා දුන්නා.

පාසලේ නර්තන කණ්ඩායමට රුපියල් ලක්ෂයක මුදලක්ද මෙහිදී විපක්ෂ නායකවරයා පරිත්‍යාග කළා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *