තැපැල් ඡන්දයට අදත් අවස්ථාව – ඇල්පිටිය ඡන්දයේ නාම යෝජනා භාර ගැනීම පෙරවරුවේ

ජනාධිපතිවරණයට අදාළ මෙතෙක් තැපැල් ඡන්දය නොකළ රාජ්‍ය සේවකයින්ට අදත් ඒ සඳහා අවස්ථාව හිමි වනවා.

ඒ අනුව සිය සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ මැතිවරණ කාර්යාලවලදී ඔවුන්ට ඡන්දය සලකුණු කිරීමට හැකියි.

මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක කියා සිටියේ අදින් පසු තැපැල් ඡන්ද සලකුණු කිරීම සදහා වෙනත් දිනයක් ලබා නොදෙන බවයි.

මේ අතර, ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ඡන්ද විමසීමට අදාළව අද නාමයෝජනා කැදවනවා.

පිළිගත් දේශපාලන පක්ෂ 10 ක් සහ ස්වාධීන කණ්ඩායම් 02 ක් ඒ සඳහා ඇප මුදල් තැන්පත් කර ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව කියා සිටියේ.

එමෙන්ම නාරාහේන්පිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය ජනාධිපතිවරණයේ ඡන්ද මධ්‍යස්ථානයක් ලෙස භාවිතා කරන බැවින් ලබන 20 වනදා සාමාන්‍ය රාජකාරි සිදු නොකෙරෙන බව ඔවුන් නිවේදනය කළා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *