තැපැල් දෙපාර්තමේන්තුවෙන් ඕනෑම අයකුට තම රුව සහිත මුද්දරයක්

150 වෙනි තැපැල් දින සංවත්සරය වෙනුවෙන් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මියට සහ තැපැල් අමාත්‍ය විජිත හේරත් මහතාට තැපැල් දෙපාර්තමේන්තුවෙන් ලබාදුන් සිහිවටන තිළිණයක් ඉමහත් සමාජ අවධානයක් ලබා ගැනීමට සමත්ව තිබෙනවා.

මේ පිළිබදව සිදුකරන ලද විමසා බැලීමේදී මෙය හුදෙක් මුද්දර 20 ක සිහිවටන මුද්දර නිකුත් කිරීමක් පමණක් බවත් ලංකාවේ තැපැල් දෙපාර්තමේන්තුවෙන් ඕනෑම අයකුට මෙවැනි මුද්දරයක් මුද්‍රණය කරගත හැකි බවත් සදහන් උනා.මේ සදහා මුද්දර 20 කට යන වියදම රුපියල් 2000ක් පමණයි.

කෙසේ නමුත් විවිධ පිටු මගින් මෙය ශ්‍රී ලංකා තැපැල් සේවයේ භාවිතය සදහා මහා පරිමානයෙන් නිකුත් කල මුද්දරයක් ලෙසට හැගවෙන පුවත් නිර්මාණය කර තිබුනා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *