තුන් කොන් ප්‍රේමය කඳුළකින් නිමා වූ හැටි

ප්‍රේම සම්බන්ධතාවයක් බිද වැටීම නිසා කිළිනොච්චියේ පාසල් ශිෂ්‍යාවක් සිය නිවසේ බාල්කයක එල්ලී ඊයේ(31) සියදිවි හානි කරගෙන තිබෙනවා.

අරවින්දන් දුසානි නැමති 18 හැවිරිදි මෙම සිසුවිය වසර දෙකක පමණ කාලයක සිට ප්‍රේම සම්බන්ධය පවත්වා ගෙන ගොස් ඇති අතර පෙම්වතා ඇයට හොරෙන් වෙනත් සිසුවියකට පෙම් කිරීමේ සිද්ධියක් හෙළි වීමෙන් පසුව ඇය ගෙළ වැලලාගෙන මියගොස් ඇති බවයි හිරු වාර්තාකරු සඳහන්කර සිටියේ.

ඇය සියදිවි හානි කරගත් අවස්ථාවේ නිවසේ කිසිවෙකු සිට නොමැති අතර නිවැසියන් නිවසට පැමිණෙන විට ඇගේ සිරුර එල්ලෙමින් තිබෙනු දැක තිබෙනවා.

වහාම මේ පිලිබදව කිළිනොච්චිය පොලීසියට පැමිණිලි කිරීමෙන් පසුව පොලිස් නිලධාරීන් පරීක්ෂණ කටයුතු සදහා මෘත ශරීරය කිලිනොච්චිය රෝහල වෙත බාර දී ඇති අතර කිළිනොච්චිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යනු ලබනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *