දමිතාට තවත් ලක්ශ ගනනකට චෝදනා එල්ල වෙයි

කොරියාවේ රැකියාවක් සඳහා යවන බව සඳහන් කරමින් පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 34ක මුදලක් ලබාගෙන වංචා කිරීමක් සම්බන්ධයෙන් මේ වන විට බන්ධනාගාරගත කර සිටින ප්‍රකට නිළි දමිතා අබේරත්න සහ ඇගේ සැමියාට එරෙහිව තවත් පැමිණිල්ලක් පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයට ලැබී ඇති බවට තොරතුරු වාර්තා වනවා.

මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ වත්තල පදිංචිකරුවකු බවත් ඔහුගෙන් ලබාගත් ලක්ෂ 34ක මුදලින් ලක්ෂ 04ක් පසුව එම පුද්ගලයාට ලබාදී ඇති බවත් අදාළ පුද්ගලයා පොලිසියට සඳහන් කර තිබෙනවා.

ඒ අනුව සැබෑ ලෙස සිදුව ඇති වංචාවේ ප්‍රමාණය රුපියල් ලක්ෂ 30ක් වන බවත් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් මේ වන විට ආරම්භ කර ඇති බවත් අද පුවත් පත් වාර්තා කර තිබුණා.

මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරියේදී කරුණු වාර්තා කර ඒ සම්බන්ධයෙන් ද දමිතා සහ ඇගේ සැමියාට එරෙහිව නීතිමය පියවර ගන්නා බව පොලිසිය පැවසුවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *