දමිතා අබේරත්න CID අත්අඩංගුවට

රංගන ශිල්පී දමිතා අබේරත්න සහ ඇගේ සැමියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මුදල් වංචාවකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සොයමින් සිටි දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා අද (අප්‍රේල් 4) කොටුව මහේ ස්ත්‍රාත් අධිකරණයට පැමිණ තිබිණි.

කොරියාවට යවන බව පවසා රුපියල් ලක්ෂ 30ක මුදලක් වංචා කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පරිගණක අපරාධ කොට්ඨාසය මගින් දමිතා අබේරත්න සහ ඇයගේ සැමියාට එරෙහිව විමර්ශනයක් ආරම්භ කර තිබිණි.

ඒ අනුව, ඇය සහ ඇගේ සැමියා සැකකරුවන් ලෙස නම් කරන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම්දී තිබිණි.

තමන් අත්අඩංගුවට ගැනීම වළක්වාලන ලෙස ඉල්ලමින් ඔවුන් විසින් රිට් පෙත්සමක් ඉදිරිපත් කරනු ලැබ තිබුණු අතර පසුගිය දා එය ප්‍රතික්ෂේප කර තිබිණි.

මේ අතර, දමිතා අබේරත්නට සහ ඇගේ සැමියාට විදෙස්ගත වීම තහනම් කරමින් කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ ඊයේ (අප්‍රේල් 3) නියෝගයක් ද නිකුත් කර තිබිණි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *