දරුවන් අතර අලුත් අවුරුද්දෙන් පසු පාචනය රෝගය ව්‍යාපත් වීමක් දැකගත හැකි බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසනවා.
එමෙන්ම දරුවන් තුළ හතිය, ඉන්ෆ්ලුවෙන්සා,වයිරස් උණ ද ව්‍යාප්ත වී ඇති බව ඔහු සඳහන් කරනවා.
වමනය, බඩඑළිය රෝග ලක්ෂණ තිබේ නම් දරුවන්ට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගතයුතු බව ඔහු සඳහන් කරනවා.
වෛද්‍ය දීපාල් පෙරේරා වැඩිදුරටත් සඳහන් කරන්නේ දරුවන්ට යම් රෝග ලක්ෂණයක් තිබේ නම් ඔවුන් නිවෙසේ තබා විවේකය දීමට මවුපියයන් කටයුතු කළ යුතු බවයි.