දසසිල් ආරාමයකට ගිනි ඇවිලී අයෙකු ජිවිතක්ෂයට

රස්නායකපුර පොලිස් වසමේ අඹගම්මන ප්‍රදේශයේ පිහිටි ආරාමයක වැඩ විසූ දසසිල් මාතාවක් එම ආරාමයේ කාමරයක ඇතිවූ ගින්නක් හේතුවෙන් පිළිස්සීමෙන් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජිවිතක්ෂයට ඇත්තේ වයස අවුරුදු 70ක්වන දසසිල් මාතාවක්.

ගින්න ඇතිවූ ආකාරය සම්බන්ධයෙන් මෙතෙක් අනාවරණය වී නොමැති බව රස්නායකපුර පොලිසිය පවසනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු රස්නායකපුර පොලිසිය පවත්වනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *