දළදා පෙරහර නැරඹීමට ජනපති රනිල් එක්වෙයි

මහනුවර ඓතිහාසික දළදා මාළිගාවේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර ඊයේ (19) රාත්‍රියේ වීථි සංචාරය කෙරුණා.

දහස් ගණනක ජනතාවක් එක්ව සිටි දළදා පෙරහර නැරඹීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහත් සහභාගී වුණා.

මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායකත් මෙම අවස්ථාවට එක්ව සිටියා.

එමෙන්ම, අමාත්‍ය බන්දුල ගුණවර්ධන, රාජ්‍ය අමාත්‍යවරුන් වන අනුරාධ ජයරත්න, දිලුම් අමුණුගම, ලොහාන් රත්වත්ත, ජනාධිපති ලේකම් සමන් ඒකනායක ඇතුළු පිරිසක් ද පෙරහර නැරඹීමට එක්වුණා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *