දැඩි ආරක්ෂාවක් මැද අධිකරණයට ආ විනි­සුරු ඉල­න්චෙ­ලි­යන්

තමා වෙඩිතබා ඝාත­නය කිරී­මට තැත්කිරීම සම්බ­න්ධ­යෙන් යාප­නය මහා­ධි­ක­ර­ණයේ විභාග වන නඩුවේ ප්‍රධාන සාක්ෂිය දීම සඳහා වවු­නි­යාව මහා­ධි­ක­රණ විනි­සුරු මානි­ක්ක­වා­ස­ගම් ඉල­න්චෙ­ලි­යන් දැඩි ආරක්ෂාවක් යටතේ පෙරේදා (25) යාප­නය මහා­ධි­ක­ර­ණය වෙත පැමිණ සිටියා.

නඩුව ආරම්භ වීමට පෙර සිටම අධිකරණ පරිශ්‍රයට දැඩි හමුදා ආරක්ෂාවක් යොදවා තිබූ අතර විනිසුරුවරයා අධිකරණයට පැමිණෙන විට පොලිස් ආරක්ෂාවට අමතරව පොලිස් විශේෂ කාර්ය බළ­කායේ ආරක්ෂාවද යොදවා තිබූ බවද වාර්තා වෙනවා.

පසුගිය 2017 වසරේ ජූලි මස 22වනදා එව­කට යාප­නයේ මහා­ධි­ක­රණ විනි­සුරු ලෙස කට­යුතු කළ ඉල­න්චෙ­ලි­යන්, අධි­ක­රණ කට­යුතු අවසන් කර සිය මෝටර් රථ­යෙන් පොලිස් ආර­ක්ෂාව මැද නිල නිවෙස වෙත යමින් සිටි­යදී විනි­සු­රු­ව­ර­යාට වෙඩිතැබී­මට තැත්කළ අවස්ථාවේ ප්‍රහා­රය වැළැ­ක්වී­මට උත්සාහ කළ විනිසුරුගේ ආර­ක්ෂා­වට සිටි පොලිස් සැර­ය­න්ව­රයා වෙඩි ප්‍රහා­ර­යට ලක්ව මියගියා.

විනි­සු­රු­ව­රයා බේරාගැනීමට උත්සහ කිරීමේදී වෙඩි පහ­රින් මිය­ගිය සැර­යන් හේම­චන්ද්‍රගේ පවුලේ සියලු කට­යුතු විනිසුරු ඉල­න්චෙ­ලි­යන් විසින් භාරගෙන සිදුකරයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *