දැන් අත්‍යාවශ්‍ය ආහාර ගන්න පෝලිම් පවා ඇති වෙලා – සමගි ජන බලවේගයේ සහ සමගි ජන සන්ධානයේ නායක සජිත් ප්‍රේමදාස මහතා

වත්මන් රජයට බඩු මිල පාලනය කරන්න බැරිව අකාර්යක්ෂම ලෙස ආර්ථික ප්‍රතිපත්තිය මෙහෙය වන බවත් කෙටි කාලයක් තුළ ආහාර පාන ඇතුළු භාණ්ඩවල හිඟයක් නිර්මාණය වී අත්‍යාවශ්‍ය ආහාරවල මිල ඉහළ ගෙස් අමාරුවෙන් ජීවත් වන ජනතාවගේ ජන ජීවිත කඩා වැටී ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ජීවත් වන්නට පුලුවන් රටක් නිර්මාණය කරන බවට මැතිවරණ සමයේ පොරොන්දු වුවත් අහස උසට ආහාර මිල වැඩිවන විට ⁣ජනතාවට ජීවත් විය නොහැකි බවත් ආදායම් මාර්ග හැකිලි ආදායම් අඩුවී ජන ජීවිත දුෂ්කර වී ඇති මොහොතක අසීමිත ලෙස අත්‍යාවශ්‍ය ආහාරවල මිල ඉහළ යන විට අඩු මුදලකට ඒ ආහාර ලබා ගන්න පෝලිමේ ඉන්න වෙන කොට ජනතාවට යන කලදසාව ගැන ප්‍රශ්න කරන බවත් සමගි ජන බලවේගයේ සහ සමගි ජන සන්ධානයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

සමගි ජන බලවේගයේ සහ සමගි ජන සන්ධානයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද අවිස්සාවේල්ලේ පැවැති ජන හමුවකදීය.

සමගි ජන බලවේග රජයක් තුළ බඩු මිල පාලනය කළ හැකි ශක්තිමත් ආර්ථික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන බවත් ලක්ෂ 220 ජනතාවගේ සෞභාග්‍යය උදෙසා යහපත් රාජ්‍ය පාලනයක් ක්‍රියාත්මක කරන බවත් දරාගත හැකි මිලකට අත්‍යවශ්‍ය ආහාර ලබා ගැනීමේ යුගයක් බිහි කර ජනතාව ජීවත් කරවන යුගය යථාර්ථයක් කරන බවත් සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී පැවසීය.

එසේම ජනතාවගේ ආශිර්වාදය ලබා ගන්න බොරු කියා රජවීමේ යුගයට නැවතීමේ තිත තියා සෞභාග්‍යය සම්පන්න රටක් හා අනාගතයක් උදාකරන්න කටයුතු කරන බවත් දූෂණයෙන් වංචාවෙන් සොරකමින් තොර රටක් නිර්මාණය කරන බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

What's your reaction?

Related Posts

1 of 450

Leave A Reply

Your email address will not be published. Required fields are marked *