දැරියක් දුම්රියෙන් එළියට විසිවෙයි

කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වූ දුම්රියෙන් වැටී දොලොස් හැවිරිදි දැරියක් බරපතල තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

සිය ඥාතී නිවසකට ගොස් ආපසු එමින් සිටි මෙම දැරිය ජනේලයකින් එළියට අත දමා සේදීමට යාමේදියි මෙලෙස දුම්රියෙන් ඇද වැටී තිබෙන්නේ.

බරපතල තුවාල ලැබූ දැරිය වැලිකන්ද ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ අතර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා පොලොන්නරුව රෝහලට මාරුකර යවා තිබෙනවා.

සිදුවීම පිළිබඳව වැලිකන්ද පොලිසිය විසින් වැඩිදුර පරික්ෂණ ක්‍රියාත්මකයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *