දියතලාවේ ධාවකයන් දෙදෙනා අත්අඩංගුවට ගැනීම ගැන සංගම්වලට ප්‍රශ්නයක්

ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් ධාවන තරගාවලිය අතරතුර සිදු වූ අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකිරීමට යුද හමුදා මේජර් ජෙනරාල්වරයෙකු ප්‍රධානත්වයෙන් යුත් 07 දෙනෙකුගෙන් සමන්විත පරීක්ෂණ මණ්ඩලයක් පත් කර තිබෙනවා.

යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරාල් රසික කුමාර ප්‍රකාශ කළේ විපතට පත් පිරිසට වන්දි ලබාදීමට ද කටයුතු කරන බවයි.

මෙම අනතුරේදී අට හැවිරිදි දැරියක් ඇතුලු 07 දෙනෙකු මිය ගිය අතර තවත් 18 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.

පොලිසිය සදහන් කළේ ඉන් පුද්ගලයින් 10 දෙනෙකු බදුල්ල මහ රෝහලේත් තවත් 08 දෙනෙකු දියතලාව රෝහලේත් ප්‍රතිකාර ලබන බවයි.

මේ අතර, අනතුර සම්බන්ධයෙන් ඊයේ (22) අත්අඩංගුවට ගත් ධාවකයින් දෙදෙනා මේ මස 30 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි කටයුතු කෙරුණේ.

එමෙන්ම ෆෝඩ් ලේසර් සහ මැස්ඩා රේසින් ධාවක සංගමයේ ලේකම් යූ.සී. පෙරේරා සහ එම සංගමයේ සාමාජික මෝටර් රථ ධාවක මහේෂ් කෝදාගොඩ හිරු ප්‍රවෘත්ති වෙත අදහස් දක්වමින් කියා සිටියේ ධාවන පථයේ සැකැස්ම සම්බන්ධයෙන් ගැටළුකාරී තත්ත්වයක් පවතින බවයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *