දිල්ලිය කොල්කටාවට පරදී

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 47 වැනි තරගය ලෙසින් ක්‍රියාත්මක වන දිල්ලි කැපිටල්ස් සහ කොල්කටා නයිට් රයිසර්ස් කණ්ඩායම් අතර පැවැති තරගයේ ජයග්‍රහණය හිමි කර ගැනීමට කොල්කටා නයි රයිඩර්ස් පිළ සමත් වුණා.

ඒ පන්දු 21ක් ඉතිරිව තිබිය දී කඩුලු 7කින්.

තරගයේ පළමුවෙන් ම පන්දුවට පහර දුන් දිල්ලි කණ්ඩායම සිය පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 153ක් වාර්තා කළා.

තරගය ආරම්භයේ පටන් ම කොල්කටා පන්දු යවන්නන්ගේ දැඩි ග්‍රහණයට ලක් වූ දිල්ලි ක්‍රීඩකයන් අතුරෙන් යම් පමණක හෝ ලකුණ් අතරට පැමිණීමට හැකි වුණේ කුල්දීප් යාදව්ට පමණයි.

ඔහු පන්දු 25ක් තුළ දී හයේ පහරක් සහ හතරේ පහර 5ක් සමගින් ලකුණු 35ක් වාර්තා කළා.

කොල්කටා කණ්ඩායම වෙනුවෙන් වරුන් චක්‍රවර්ති කඩුලු 3ක් බිඳ හෙලූ අතර වෛභාව් අරෝරා සහ හර්ෂිත් රානා කඩුලු 2 බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම පන්දුවට පහර දීමට පිටියට පිවිසි කොල්කටා කණ්ඩාය්ම වෙනුවෙන් ආරම්භක පිතිකරු පිල් සෝල්ට් ලකුණු 68ක් රැස් කළා.

ඔහුගේ ඉනිම පන්දු 33කට සීමා වූ අතර එම පන්දු 33 ඇතුලත ඔහු හයේ පහර 5ක් සහ හතරේ පහර 7ක් රැස් කළා.

දිල්ලි පිල වෙනුවෙන් පන්දු යැවීමේ දී අක්සාර් පටෙල් කඩුලු 2ක් බිඳ හෙලුවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *