දිල්ලි ළමා රෝහලේ දැවැන්ත ගින්නකින් බිළිඳුන් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්වෙයි

දිල්ලි ළමා රෝහලක ඇති වූ දැවැන්ත ගින්නකින් අවම වශයෙන් අලුත උපන් බිළිඳුන් හය දෙනෙකු මිය ගොස් ඇති බවට තොරතුරු වාර්තා වෙනවා.

දිල්ලි ගිනි නිවන සේවා පැවසුවේ, නැගෙනහිර දිල්ලියේ විවේක් විහාර් ප්‍රදේශයේ ළදරු රැකවරණ මධ්‍යස්ථානයක ඊයේ රාත්‍රී 11.32 ට ගින්නක් පිළිබඳ ඇමතුමක් ලැබුණු බවත්, ඉන් අනතුරුව ගිනි නිවන රථ අටක් පමණ එම ස්ථානයට ගෙන ගිය බවයි.

අලුත උපන් බිළිඳුන් 12 දෙනෙකු ගොඩනැගිල්ලෙන් බේරා ගත් නමුත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී හය දෙනෙකු මිය ගිය බවයි වාර්තා වෙන්නේ.

දැනට වාතාශ්‍රය මත සිටින දරුවෙකු ඇතුළු තවත් හය දෙනෙකු රෝහලේ ප්‍රතිකාර ලබනවා.

ජනාධිපති Droupadi Murmu, උප ජනාධිපති Jagdeep Dhankhar සහ අගමැති නරේන්ද්‍ර මෝදි සිද්ධිය සම්බන්ධයෙන් ශෝකය පළ කර සිටියා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *