දිවයින ආශ්‍රිතව අදත් තද සුළං තත්වයක්

දිවයිනේ ප්‍රදේශ කිහිපයක අදත් තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පැයට කිලෝමීටර 50ක පමණ තද සුළං තත්වයක් අපේක්ෂා කරන බවයි.

එමෙන්ම බස්නාහිර, වයඹ සහ ගාල්ල, මාතර, මෙන්ම මාතලේ දිස්ත්‍රික්කවලද අද, වැසි වාර කිහිපයක් ඇතිවිය හැකියි.

මේ අතර කන්කසන්තුරයේ සිට මන්නාරම හරහා පුත්තලම දක්වා හම්බන්තොට සිට වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රලුවිය හැකි බැවින් ධීවර හා නාවික ප්‍රජාව ඒ පිළිබඳව අවධානය යොමු කළ යුතු බවයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *