දුම්රිය ධාවනය හෙට යථා තත්ත්වයට

දුම්රිය ස්ථානාධිපති හා පාලකවරුන්ගේ වර්ජන ක්‍රියාමාර්ගය අවසන් කෙරුණද තවමත් දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත්ව නැහැ.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ දුම්රිය ධාවනය හෙට දිනය වනවිට යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරන බවයි.

අද පෙරවරුවේත් දුම්රිය කාල සටහන් නිසි පරිදි ක්‍රියාත්මක නොවීමෙන් මගීන් දුෂ්කරතාවට පත්වුණා.

දින 2ක් පුරා පැවති දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සහ පාලකවරුන්ගේ වර්ජන ක්‍රියාමාර්ගය ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට අවසන් කෙරුණා.

ඒ හිටපු කථානායක කරූ ජයසූරියගේ නිවසේදී ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන සහ වෘත්තිය සමිති නියෝජිතයින් අතර පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුවයි.

මෙම සාකච්ඡාව පැවැත්වුණේ වර්ජනය අවසන් නොකළ සේවකයින් සේවය හැරගියා සේ සළකා ලිපි නිකුත් කළ බව ප්‍රවාහන අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබූ පසුබිමකයි.

දෙපාර්ශ්වය අතර පැවති සාකච්ඡාවෙන් පසු දුම්රිය වෘත්තිය සමිති සිය වර්ජනය අත්හිටුවනු ලැබුවා.

ඒ අනුව අද සිට දුම්රිය ධාවන කටයුතු නිසි පරිදි සිදු කිරීමටයි එකඟ වී තිබෙන්නේ.

කෙසේ වුවත් වර්ජනය හේතුවෙන් රාජකාරීවලින් බැහැරව සිටි දුම්රිය රියදුරන් ඇතුළු පිරිස නිසි පරිදි සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් දුම්රිය ධාවනයට අද පෙරවරුවේත් බාධා එල්ල වුණා.

මේ හේතුවෙන් දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු කිරීමටද සිදුවුණා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *