දුම්‍ රිය අනතුරු වල වැඩි වීමක්

ගතවූ මාස හතරක කාලය තුළ දුම්රියට ගෙල තබා සියදිවි නසා ගැනීම්, දුම්රියේ ගැටීමෙන් හා ඇද වැටීම්වලින් පුද්ගලයන් හතළිස් දෙදෙනකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙම කාලය තුළ දුම්රියේ ගැටී සිදුවූ අනතුරුවලින් අසූ හතර දෙනකු තුවාල ලැබ ඇතැයිද එම දෙපාර්තුමේන්තුව සඳහන් කරයි.

මේ වසරේ මුල් මාස හතර තුළ සිදුවූ අනතුරුවලින් සහ සියදිවි නසා ගැනීම්වලින් මිය ගිය සංඛ්‍යාව ගෙවුණු වසර දෙකට සාපේක්ෂව වර්ධනයක් පෙන්නුම් කරන බව දුම්රිය නගා සිටුවීම සඳහා වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ඉන්දික දොඩංගොඩ පැවසීය.

පසුගිය 2022 වසරේදී දුම්රියේ ගැටී සිදුවූ අනතුරුවලින් පුද්ගලයන් 135 දෙනකු මියගොස් පුද්ගලයන් 254 දෙනකු තුවාල ලබා ඇත.

එසේම 2023 වසරේදී දුම්රියේ ගැටී පුද්ගලයන් 148ක් මියගොස් 248 දෙනකු තුවාල ලැබ ඇතැයිද දුම්රිය දෙපාර්තමේන්තු තොරතුරුවලින් අනාවරණය වේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *