දුමින්ද දිසානායක වැඩබාර ගනී

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන මහ ලේකම්වරයා ලෙස දුමින්ද දිසානායක අද සිය ධුරයේ වැඩබාර ගත්තා.

ඒ කොළඹ ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදීයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩල රැස්වීමක් එම පක්ෂයේ වැඩබලන සභාපති නිමල් සිරිපාල ද සිල්වාගේ පාර්ශ්වයේ සහභාගීත්වයෙන් පසුගිය 25වැනිදා පැවැත්වුණ අතර එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන මහ ලේකම්වරයා ලෙස දුමින්ද දිසානායක මහතා පත් කරගැනීමට එම
දේශපාලන මණ්ඩලය තීරණය කළා.

ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන මහ ලේකම්වරයා ලෙස දුමින්ද දිසානායක මහතා අද සිය ධුරයේ වැඩ භාරගත්තා.

ඒ කොළඹ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදි

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ හිරු සලකුණ දේශපාලන සංවාදාත්මක වැඩසටහනේදී අදහස් පළ කළා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *