දූෂිත කණ්ඩායමේ කිසිවෙකුට සමගි ජන බලවේගයේ ඉඩක් නෑ

රාජපක්ෂවරු සමග සිටි දූෂිත කණ්ඩායම වත්මන් ජනාධිපතිවරයා සමග අත්වැල් බැඳගත්ත ද, ඔවුන් කිසිවෙකුට සමගි ජන බලවේගය තුළ කිසිදු ඉඩක් නැතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේ සමගි ජන බලවේගයේ නුවරඑළිය දිස්ත්‍රික් ගොවි සමුළුව අමතමින්.

සමගි ජන බලවේගය සංවිධාන කළ නුවරඑළිය දිස්ත්‍රික් ගොවි සමුළුව අද පැවැත්වුණේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගේ ප්‍රධානත්වයෙන්.

ගොවිබිම ජයබිමක් කරන්නට මැයෙන් සමගි ගොවි ජන ප්‍රකාශනය එළිදැක්වීම ද මෙහිදී සිදුවුණා.

ලංකා කම්කරු කොංග්‍රසය නියෝජනය කරමින් මධ්‍යම පළාත් සභාවේ හිටපු සභාපතිවරයා වූ ඩී. මදියුගරාජා සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් සංවිධායකවරයා ලෙස පත් කිරීම ද මෙහිදී සිදුවුණා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *