දෙහිවලදී වෙඩි ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට

දෙහිවල බඩෝවිට ප්‍රදේශයේදී ඊයේ (15) පස්වරුවේ වෙඩි ප්‍රහාරයට ලක්වූ තරිඳු ලක්ෂාන් නැමැත්තා කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය සඳහන් කරනවා.

මත්කුඩු ජාවාරම්කරුවෙක් වන ඔහු වයස අවුරුදු 24ක පුද්ගලයෙක්.

පොලිසිය වැඩිදුරටත් පැවසුවේ යතුරුපැදයකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බවයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *