දෙහි සහ අමු ඉඟුරු මිල ඉහළට

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙන එළවළු තොග මිල පහත වැටුණද දෙහි සහ අමු ඉඟුරු කිලෝවක තොග මිල ගණන් සීග්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා.

එහි ව්‍යාපාරිකයන් පෙන්වා දෙන්නේ දෙහි කිලෝවක් රුපියල් 1000ත් 1,200ත් අතර, මිලකට අලෙවි වන බවයි.

එමෙන්ම, අමු ඉඟුරු කිලෝවක් රුපියල් 3,000ත් 3,200ත් ඉහළ මිලකට මේ වනවිට අලෙවි වනවා.

කෙසේ වෙතත් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට වැඩි වශයෙන් එළවළු තොග ලැබුණද ඒවා මිලදී ගැනීම සඳහා පිටස්තර වෙළෙන්දන් එහි පැමිණීමේ අඩුවක් දක්නට ලැබෙන බවයි එම ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරිකයන් කියා සිටියේ.

මේ වනවිට අමු මිරිස්, වම්බටු තක්කාලි, කැකිරි ආදී එළවළු කිලෝවක තොග මිල රුපියල් 10ත් 40ත් අතර, පවතින නමුත් ඒවා අලෙවි කරගැනීමට අපහසු වී ඇති බව සඳහන්.

කැරට් කිලෝවක තොග මිල රුපියල් 160ත් 180ත් අතර, මිලකටත් බෝංචි කිලෝවක තොග මිල රුපියල් 200ත් 220ත් අතර, මිලකටත් අලෙවි වනවා.

මේ අතර, අනුරාධපුර සතිපොලේද එළවළු මිල විශාල වශයෙන් පහළ යෑමක් දක්නට ලැබුණද, ඒවා මිලදී ගැනීම සඳහා පාරිභෝගික ජනතාවගේ පැමිණීම අඩු වී ඇති බව වෙළඳුන් කියා සිටියා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *