කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ඔස්සේ මේ වනවිට ශ්‍රී ලංකා දේශපාලනයේ ප්‍රභූවරුන් රාශියක් විදෙස් රටවල් බලා පිටත්ව ගොස් තිබේ.
ඒ අනුව (21) දින සවස 02.25 ට හිටපු අමාත්‍ය සුසන්ත පුංචිනිලමේ ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.- 272 දරන ගුවන් යානයෙන් ඉන්දියාවේ චෙන්නායි බලා පිටත්ව ගොස් තිබේ.
එමෙන්ම (21) දින රාත්‍රී 11.15 ට හිටපු එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර තායිලන්තයේ බැංකොක් නුවර බලා තායි එයාර් ඒෂියා ගුවන් සේවයේ එෆ්.ඩී.- 141 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගොස් තිබේ .
එසේම ඉත්තෑ කන්දේ සද්ධාතිස්ස හිමියන් අද (22) දින අලුයම 12.50 ට හොංකොං බලා කැතේ ෆැසිපික් ගුවන් සේවයේ සී.එක්ස්.- 610 දරන ගුවන් යානයෙන් පිටත්ව ගොස් තිබේ.
එමෙන්ම ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂගේ බිරිඳ ලිමිණි විනෝජා වීරසිංහ සහ ඇයගේ පියා තිලකසිරි වීරසිංහ හෙට දිනයේ ප්‍රංශය බලා පිටත්වයාමට නියමිතව ඇතැයි පැවසේ.