දේශපාලනඥයින්ගේ න්‍යාය පත්‍රවලට රටේ අනාගතය හදන්න ඉඩක් නෑ

දේශපාලනඥයින්ගේ න්‍යාය පත්‍රවලට අනුව රටේ අනාගතය සකස් කිරීමට කිසිසේත් ඉඩ නොතබන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ කඩවත ප්‍රදේශයේ පැවැති ජන රැළියක් අමතමින්.

මෙහිදී රනිල් වික්‍රමසිංහ මෙවර ජනාධිපති අපේක්ෂකත්වයට පත්කරගැනීමේ යෝජනාවක් සම්මත කරගැනීමට රැළියට එක්ව සිටි අමාත්‍ය ප්‍රසන්න රණතුංග කටයුතු කළා.

එක්සත් ජාතික පක්ෂයට සහ ජනාධිපතිවරයාට සහය පළ කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැති ඇමතිවරුන් පිරිසක් එක්ව සංවිධාන කළ ජන රැළිය කඩවත ප්‍රදේශයේදී පැවැත්වුණේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *