ධාවනය වෙමින් තිබූ බස් රථයේ රියැදුරු අසුනේදි මියයයි

නුවරඑලිය සිට නාවලපිටිය දක්වා ධාවනය වු නාවලපිටිය ලංගම ඩිපෝවට අයත් බස් රථයේ රියදුරු රිය අසුන මත ජිවිතක්ෂයට පත් විම නිසා බස් රථය මාර්ගයෙන් ඉවතට පැන අනතුරට පත් වි ඇති බව ලිදුල පොලිසිය පවසනවා.

මෙසේ ධාවනය වෙමින් තිබු බස් රථය තුලදිම ජිවිතක්ෂයට පත් වි ඇත්තේ නාවලපිටිය ලංගම ඩිපෝවේ සේවය කරමින් සිටි සුරංග අරුණසිරි අත්තනායක නැමති (39) හැවිරිදි අයෙකි.

නුවරඑලිය සිට දිඹුල පතන හරහා නාවලපිටිය දක්වා ඊයේ (15) පස්වරුවේ ධාවනය වු බස් රථය හදිසියේ කාර්මික දෝෂයකට ලක්විම නිසා එම බස් රථයේ ගමන් ගත් මගින්ව වෙනත් බස් රථයකට මාරු කර බස් රථයේ රියදුරු සහ කොන්දොස්තර එක්ව බස් රථයේ කාර්මික දෝෂය යථා තත්ත්වයට පත් කර යලිත් බස් රථය නාවලපිටිය දක්වා ධාවනය කරවන අවස්තාවේ බස් රථයේ රියදුරුට ඇති වූ හදිසි රෝගි තත්ත්වයක් හේතුවෙන් බස් රථය මාර්ගයෙන් ඉවතට පැන අනතුර සිදුව තිබෙනවා.

මෙම අනතුර සිදු වි ඇත්තේ හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ ලිදුල ෆාමස්ටන් ප්‍රදේශයේදියි.

බස් රථය අනතුරට පත්විමත් සමග බස් රථයේ කොන්දොස්තරවරයා රියදුරුට කතා කර ඇති බවත්, එහිදි රියදුරු අසුන මතදිම වැතිරි සිටි නිසා කොන්දොස්තරවරයා විසින් ඒ පිළිබඳව ලිදුල පොලිසිය වෙත දැනුම් දිමෙන් පසු පොලිසිය විසින් රියදුරු අසුනෙන් ඉවත් කර ලිදුල ප්‍රාදේශිය රෝහල වෙත රැගෙන ගොස් භාරදෙන අවස්තාවේදි රියදුරු මියගොස් ඇති බව ලිදුල ප්‍රාදේශිය රෝහලේ වෛද්‍යවරුන් පවසා ඇති බව සඳහන්.

බස් රථය අනතුරට පත් වු ස්ථානය අධික බැවුමක් සහිත ස්ථානයක් බවද පොලිසිය පවසනවා.

බස් රථය අනතුරට පත් වන අවස්තාවේ බස් රථයේ රියදුරු සහ කොන්දොස්තරවරයා පමණක් ගමන් කර ඇති බවත්, පසුව ලිදුල පොලිසියේ නිලධාරින් එක්ව රියදුරු අසුනේ මියගොස් සිටි බස් රථයේ රියදුරාගේ සිරුර ලිදුල ප්‍රාදේශිය රෝහල වෙත භාර දි සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර තිබෙනවා.

අනතුරෙන් බස් රථයට සහ මාර්ගයේ ආරක්ෂිත වැටට දැඩි අලාභ හානි සිදුව ඇති අතර මරණය සහ අනතුර සම්බන්ධයෙන් ලිදුල පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *