නවසීලන්තයට ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයක්

නවසීලන්තයේ වෙලිංටන් හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයක් විවෘත කිරීමට විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් තීරණය කර තිබෙනවා.

දැනට ශ්‍රී ලංකාවට වෙලින්ටන් හි කොන්සල් කාර්යාලයක් ඇති අතර, 2024 වසර සඳහා වූ පළමු කැබිනට් රැස්වීමේදී විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි විසින් ඉදිරිපත්කළ යෝජනාවකට කැබිනට් මණ්ඩලය විසින් ගත් තීරණයකට අනුව‍යි මෙම මහ කොමසාරිස් කාර්‍යාලය පිහිටුවීම සිදුවනු ඇත්තේ.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ විදේශ වත්කම් කළමනාකරණ සහ සංවර්ධන අංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය ඇතුළු නියෝජිත පිරිසක් එම කටයුතු සම්බන්ධයෙන් සොයා බැලීමට අප්‍රේල් 22වනදා නවසීලන්තයේ සංචාරයක නිරත වීමට නියමිත බවත් එම අමාත්‍යංශය සඳහන් කළා.

දෙරට අතර වෙළෙඳ, අධ්‍යාපන, ක්‍රීඩා, විද්‍යා සහ තාක්ෂණ, සංචාරක සහ සෞඛ්‍ය යන ක්ෂේත්‍රවල සහයෝගීතාව වර්ධනය කර ගැනීම මෙහි මූලික අරමුණු අතර වන වෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *