නවසීලන්ත කණ්ඩායමට කඩුළු 9ක ජයක්

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 32 වැනි තරගය වන උගන්ඩාව හා නවසීලන්තය කණ්ඩායම අතර අද (15) පැවති තරගයෙන් ජය ලබා ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් වුණා.

පළමුව පන්දුවට පහර දීමට පිටියට පිවිසි උගන්ඩාව පන්දුවාර 18යි පන්දු 4ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 40ක් රැස් කළ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 5යි පන්දු 2ක් අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවී එම ඉලක්කය සපුරා ගැනීමට සමත් වුණා.

ඒ අනුව පහසු තරගයකින් පසුව කඩුළු 9ක ජයක් වාර්තා කිරීමට නවසීලන්ත කණ්ඩායම සමත් වුණා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *