නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දී තිබෙනවා.

ජාතික ජන බලවේගය රජයේ නියෝජ්‍ය අමාත්‍යවරු 29 දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (21) ජනාධිපති කාර්යාලයේ දී දිවුරුම් දී තිබෙනවා.

01 – මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා, ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය

02 – නාමල් කරුණාරත්න මහතා, කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය

03 – වසන්ත පියතිස්ස මහතා, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ නියෝජ්‍ය අමාත්‍ය

04 – නලින් හේවගේ මහතා, වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය

05 – ආර්. එම්. ජයවර්ධන මහතා, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය

06 – ගමගෙදර දිසානායක මහතා, බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය

07 – ටී. බී සරත් මහතා, නිවාස නියෝජ්‍ය අමාත්‍ය

08 – රත්න ගමගේ මහතා, ධීවර, ජලජ සහ සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය

09 – මහින්ද ජයසිංහ මහතා, කම්කරු නියෝජ්‍ය අමාත්‍ය

10 – අරුණ ජයසේකර මහතා, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය

11 – අරුන් හේමචන්ද්‍රා මහතා, විදේශ කටයුතු, විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය

12 – ඇන්ටන් ජයකොඩි මහතා, පරිසර නියෝජ්‍ය අමාත්‍ය

13 – මොහොමඩ් මුනීර් මහතා, ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍ය

14 – ඉංජිනේරු එරංග වීරරත්න මහතා, ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය

15 – එරංග ගුණසේකර මහතා, තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය

16 – චතුරංග අබේසිංහ මහතා, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය

17 – ඉංජිනේරු ජනිත් රුවන් කොඩිතුවක්කු මහතා, වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය

18 – වෛද්‍ය නාමල් සුදර්ශන මහතා, කාන්තා සහ ළමා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය

19 – රුවන් සෙනරත් මහතා, පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය

20 – වෛද්‍ය ප්‍රසන්න කුමාර ගුණසේන මහතා, ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය

21 – වෛද්‍ය හංසක විජේමුණි මහතා, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය

22 – උපාලි සමරසිංහ මහතා, සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය

23 – රුවන් චමින්ද රණසිංහ මහතා, සංචාරක නියෝජ්‍ය අමාත්‍ය

24 – සුගත් තිලකරත්න මහතා, ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය

25 – සුන්දරලිංගම් ප්‍රදීප් මහතා, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය

26 – නීතිඥ සුනිල් වටගල මහතා, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය

27 – වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා, අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය

28 – ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා, මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය

29 – වෛද්‍ය සුසිල් රණසිංහ මහතා, ඉඩම් සහ වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය

What's your reaction?

Related Posts

1 of 465

Leave A Reply

Your email address will not be published. Required fields are marked *