නව හමාස් නායකයා

හමාස් සංවිධානයේ දේශපාලන නායක ලෙස කටයුතු කළ ඉස්මයිල් හනියේ ඝාතනයෙන් පසු එම සංවිධානයේ නව නායකත්වයට දැඩි අන්තවාදීම පුද්ගලයෙකු
ලෙස සැලකෙන යෙහ්යා සින්වාර් පත්කර තිබෙනවා.

මේ අතර ඊශ්‍රායල ප්‍රහාරයන් හමුවේ දරුණු ලෙස තුවාල ලැබු දුක් විඳින සහෝදරියන් දෙදෙනෙකු පිළිබදව සංවේදී පුවතක් ගාසා තීරයෙන් වාර්තාවනවා.

සහවේ ඉරානයේදී ඝාතනයට ලක්වු හමාස් සංවිධානයේ දේශපාලන නායක ඉස්මයිල් හනියේ වෙනුවට එම සංවිධානයේ ප්‍රධානියා ලෙස 61 හැවිරිදි යෙහ්යා
සින්වර් නම් කර තිබෙනවා.

යෙහ්යා සින්වර් 2017 වසරේ සිට ගාසා තීරයේ නායකයා ලෙස කටයුතු කර තිබෙනවා.

කෙසේවෙතත් සින්වර් දැනට ඊශ්‍රායලයේ වඩාත්ම අවශ්‍යම හමාස් නායකයින්ගේ ලැයිස්තුවේ ඉහළින්ම සිටින අතර ඊශ්‍රායල ආරක්ෂක අංශ විශ්වාස කරන්නේ ඔහු
පසුගිය ඔක්තෝබර් 7 වැනිදා එරටට එල්ලවූ හමාස් ප්‍රහාරයේ මහ මොළකරු ලෙසද කටයුතු කර ඇති බවයි.

හමාස් සංවිධානය ඊශ්‍රායලය වෙත එල්ලකළ එම ප්‍රහාරයෙන් පුද්ගලයින් 1,200 කට වැඩි පිරිසක් මිය ගිය අතර තවත් 251 දෙනෙකු ප්‍රාණ ඇපකරුවන් ලෙස ගාසා
තීරයට රැගෙන යනු ලැබුවා.

යෙහ්යා සින්වර් හමාස් සංවිධානයේ අතිශය අන්තවාදී චරිතයක් ලෙස ද වාර්තාවන අතර ඔහු සිය ජීවිතයේ වැඩි කාලයක් ඊශ්‍රායල බන්ධනාගාරවල ගත කර
තිබෙනවා.

මේ අතර ඉස්මයිල් හනියේ ගෙන් පසුව පරම ත්‍රස්තවාදියෙකු ලෙස සැලකෙන යෙහ්යා සින්වර් ඒම ධුරයට පත්කිරීම ඔහුව ඉක්මණින් තුරන් කිරීමට ප්‍රබල හේතුවක් බව ඊශ්‍රායල ආරක්ෂක අංශ පවසනවා.

මේ අතර ඊශ්‍රායල ප්‍රහාරයන් හමුවේ පෙනීම අහිමිව ගිය 14 හැවිරිදි දැරියක් සහ දරුණු තුවාල ලැබු ඇයගේ 9 හැවිරිදි සහෝදරියක් පිළිබඳව සංවේදී පුවතක් ගාසා
තීරයේ කාන් යුනිස් ප්‍රදේශයේ රෝහලකින් වාර්තාවනවා.

14 හැවිරිදි මයිසා අල් ගන්දූර්ගේ මුහුණට පසුගිය 26 වැනිදා ඊශ්‍රායල ප්‍රහාර හමුවේ දරුණු තුවාල සිදුවු අතර පසුව ඇයට පෙනීමද සම්පූර්ණයෙන් නැතිවී ගියා.

මයිසා අල් ගන්දූර් ඇගේ අදහස් මෙසේ ප්‍රකාශ කළේ මෙලෙසින්.

”මට ලොකු වුණාම ඕන වුණේ වෛද්‍යවරියක් හරි ගුරුවරියක් වන්න.

නමුත් දැන් මට සිතෙන්නේ මම මියගියා නම් හොඳයි කියලා.

අපේ ජීවිත දැන් මරණයක් බවට පත්වෙලා.

අපේ ප්‍රාර්ථනය මිය ගියා නම් හොඳයි කියන එක ප්‍රහාරවලින් මගේ හිසට දරුණු තුවාල වුණා.

ඒ් නිසා මගේ පෙනීම සදහටම නැතිවී ගියා.

මගේ මුහුණේ, පපුවේ, ඇගේ හැමතැනම යකඩ කෑලි”

මේ අතර මයිසාගේ 9 හැවිරිදි සහෝදරියද ඊශ්‍රායල ප්‍රහාර හමුවේ දරුණු ලෙස තුවාල ලැබු අතර ඇයගේ මුහුණේ තවමත් තුවාල කැළැල්සුව වී නැහැ.

ඒ සම්බන්ධයෙන් යාරා අල් ගන්දූර් පවසන්නේ මෙවැන්නක්.

”අපි හරිම ලස්සනට හිටියේ, යාළුවොත් එක්ක හැමදාම සෙල්ලම් කළා, අපි පාසලට ගියේ ආරක්ෂිතව තාවකාලිකව රැඳි සිටින්න.

ඊශ්‍රායලයෙන් මිසයිල ප්‍රහාර දෙකක් අපිට එල්ලවුණා.

අවසානයේ අපිට මෙවැනි තත්ත්වයක් උදාවුණා.’

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *