නාඋල අනතුරකින් දෙදෙනෙකු මරුට

මහනුවර – යාපනය ප්‍රධාන මාර්ගයේ නාඋල – අරංගල ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් කාන්තාවක් ඇතුලු දෙදෙනෙකු මියගොස් තවත් අයෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ, ත්‍රීරෝද රථයක් සහ මෝටර් රථයක් එකිනෙක ගැටි ඊයේ රාත්‍රීයේ සිදුවූ මෙම අනතුරෙන් ත්‍රීරෝද රථයේ ගමන් ගත් 76 හැවිරිදි කාන්තාවක් සහ 64 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වී ඇති බවයි.

ඔවුන් නාඋල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර අනතුරෙන් පසු ත්‍රීරෝද රථය ගිනිගෙන තිබෙනවා.

අනතුරෙන් ත්‍රීරෝද රථයේ සිටි තවත් කන්තාවක් තුවාලබා දඹුල්ල රෝහලට ඇතුළත් කළා. සිද්ධියට අදාළව මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගත්බවයි පොලිසිය සඳහන් කළේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *