නානුඔය බිහිසුණු අනතුරක්

අධික වේගයෙන් ධාවනය වු මොටර් රථයක් මාර්ගය හරහා පෙරලීමෙන් බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා.

හැටන්, නුවරඑලිය මාර්ගයේ නානුඔය වින්ඩිකොනර් ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව තිබෙන අතර ඒ අද (16) දින පස්වරු 3 ට පමණ බවයි වාර්තා වන්නේ.

කොළඹ සිට නුවරඑලිය දක්වා අධික වේගයෙන් ධාවනය වු මොටර් රථයක් මෙසේ අනතුරට පත්ව තිබෙනවා.

අනතුරින් තුවාල ලැබූ රියදුරු නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුලත් කර ඇති බව නානුඔය පොලිසිය පැවසුවා.

අධික වේගයෙන් ධාවනය වි ඇති මොටර් රථය ප්‍රදේශයේ පැවති වර්ෂාවත් සමග ලිස්සා ගොස් ප්‍රධාන මාර්ගය අසළ පිහිටි දුරකථන රැහන් කණුවක ගැටි ප්‍රධාන මාර්ගය හරහා පෙරලි තිබෙනවා.

අනතුරෙන් මොටර් රථයට දැඩි අලාභ හානි සිදුව තිබෙන අතර වෙනත් කිසිවෙකුට හනියක් සිදුව වැති බවද පොලිසිය පැවසුවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *