නායයෑමේ අනතුරු ඇඟවීම දීර්ඝ කරයි

වර්ෂාවත් සමඟ දිස්ත්‍රික්ක 6 කට පනවා ඇති නායයෑමේ අනතුරු ඇඟවීම හෙට පස්වරු 4 දක්වා දීර්ඝ කර තිබෙනවා.

ඒ අනුව ගාල්ල, මාතර, කළුතර, කෑගල්ල, රත්නපුර සහ කොළඹ දිස්ත්‍රික්කවල නායයෑමේ අවධානමක් සහිත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වෙත පනවා තිබූ අදාළ නායයෑම් අනතුරු ඇඟවීම මෙලෙස දීර්ඝ කිරීමටයි ජාතික ගොඩනැගිලි පර්යේෂන සංවිධානය පියවර ගෙන ඇත්තේ.

ඒ අනුව අදාළ ප්‍රදේශවල ජනතාව මේ සම්බන්ධයෙන් වැඩි අවධානයකින් පසුවිය යුතු බව ද එම සංවිධානය සඳහන් කළා.

මේ අතර ශ්‍රී ලංකාව ආසන්නයේ පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑලිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට ඉදිරි පැය 24 තුළ මිලිමීටර 150 ක පමණ ඉතා තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *