“නිතීපතිගේ උපදෙස් මත දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමට කටයුතු කරනවා”

දේශපාලන සිරකරුවන් සම්බන්ධයෙන් නිතීපතිගේ උපදෙස් මත නිදහස් කිරීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

රටේ සියළු දෙනා එකතු කරන දේශපාලන බලවේගය තමා ජාතික ජනබලවේගය බව ජනාධිපතිවරයා පවසා සිටියා.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අද (10) වවුනියාව දිස්ත්‍රික්කයේ පැවැති ජනහමුවක් අමතමින්.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහත් හිටපු විපක්ෂනායක සජිත් ප්‍රේමදාසත් වවුනියාව දිස්ත්‍රික්කයට ජනාධිපතිවරණයට පැමිණිය ද මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ඒ දෙන්නා නොපැමිණෙන බව ජනාධිපතිවරයා කියා සිටියා.

අපේ රට හැම ආකාරයට බෙදී තිබෙන රටක් බවත් අපේ රට ඉස්සරහාට යන්න බැරි වෙනවා මේ බෙදීම් වලින් ජාතික ජනබලවේග ආණ්ඩුව තුළින් රටේ බෙදුණු යුගය අවසන් කරන බව දේශපාලන ව්‍යාපාරයක් මත සියළු ජනතාව එක කොඩියක් යටතට පැමිණිය යුතු බව ඔහු කියා සිටියා.

මුස්ලිම්, දෙමළ, සිංහල සියළු දෙනා සිටින එකම ව්‍යාපාරයක් හැදිය යුතු බවත් ඒ හදන පක්ෂය ජාතික ජනබලවේගය බවත් පසුගිය ජනාධිපතිවරණයේදී උතුරේ ජිවත්වන ජනතාවට අපි ජයග්‍රහණය වේ යැයි විශ්වාසයක් නොතිබු බව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කර සිටියා.

ජනාධීපතිවරණයේදී අපි ශක්තිමත් ව්‍යාපාරයක් කියා උතුරු ජනතාව දැනගෙන නොසැටි බවත් ඒ නිසා ඒ අය පරණ දේශපාලන පක්ෂයම තෝරාගත් බව ජනාධිපතිවරයා කියා සිටියා.

සැප්තැම්බර් 21 වනදා ජාතික ජනබලවේගය ජයග්‍රහණය කරලා ආණ්ඩුව හදන පක්ෂය අපේ පක්ෂය කියා ජනතාව අතර විශ්වාසයක් ගොඩ නැගි තිබෙන බව ඔහු කියා සිටියා.

එමෙන්ම අපිට රට ගොඩනගන්න වැඩ ගොඩක් තිබෙන බවත් ඒ වෙනුවෙන් ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් ඇති කළ යුතු බව ජනාධිපතිවරයා කියා සිටියා.

ජාතිවාදීව බෙදී දේශපාලන කළ නොහැකි බවත් සියළු ජනතාවගේ විශ්වාසය දිනාගත් දේශපාලන ව්‍යාපාරය හැටියට එකට එකතු වෙලා තිබෙන බවත් සියළු ප්‍රශ්ණ විසදීය හැකි බව ඔහු මෙහිදී කියා සිටියා.

උතුරේ ජනතාවගේ ඉඩම් විවිධ ආරක්ෂක ‌හේතු මත පවරාගෙන ඇති ඉඩම් යළි ඒ අයට ලබා දීමට කටයුතු කරනවා .

දේශපාලන සිරකරුවන් සම්බන්ධයෙන් නිතීපතිගේ උපදෙස් මත නිදහස් කිරීමට කටයුතු කරන බව ජනාධිපතිවරයා කියා සිටියා.

උතුරේ ධිවර කර්මාන්තය රැක ගැනීමට ආණ්ඩුව හැටියට උපරීමයෙන් කටයුතු කරන බවත් අපගේ පළමු අයවැයෙන් ධිවරයින්ට ඉන්ධන සහනාධාරයක් ලබා දෙන බව ජනාධිපතිවරයා කියා සිටියා.

What's your reaction?

Related Posts

1 of 359

Leave A Reply

Your email address will not be published. Required fields are marked *