නිර්ධන පන්තියේ යැයි කියන ජනපති තෙල් මිල සංශෝධනයේ දී ධනපති පන්තියට සහන දීලා – සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා

වත්මන් ජනාධිපතිවරයා පසුගිය ජනාධිපතිවරණයේ දී ජනතාවට පොරොන්දු රැසක් කියා ජනතාවගේ අපේක්ෂා ඉහළ තලයට ගෙන ආ බවත් රටේ බහුතර ප්‍රශ්න කඩිනමින් විසදන්න පුලුවන් යැයි කියු බවත් බලයට පැමිණි පසු ඒවාට විසදුම් දෙන්න පුලුවන් යැයි කිව්වත් ජනාධිපති ලෙස පත්වු පසු පොරොන්දු වලින් ඇත් වු බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය .

විදුලි බිල 66%කින් අඩු කළ හැකි යැයි පැවසුවත් එය සිදු නොකළ බවත් ඒ සදහා මන්ත්‍රීවරුන්ගේ පාර්ලිමේන්තුවේ අනුමැතිය අවශ්‍ය නොවන බවත් විදුලි බිල වැඩි දූෂණය නිසා යැයි කිව්වත් අද වන තුරු විදුලි බිල අඩු කරන්න නොහැකි වී ඇති බවත් ජනතා අපේක්ෂා ඉහළට ගෙනවිත් එම පොරොනදු කඩ කර ජනතා අභිලාෂයන් විනාශ කර ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ කැස්බැවේ පැවැති ජන හමුවක් අමතමිනි

පාස්පෝට් පෝලිමට විසදුම් දෙනවා කිව්වත් අද වන විට අත්‍යාවශ්‍ය අයට පමණක් පාස්පෝට් ගන්න යැයි කියන බවත් දින කිහිපයක් යන විට පාස්පෝට් පෝලිම අවසන් කිව්වත් අද වන විට එම පෝලිම වැඩි වී ඇති බවත් සගරාවක් වගේ ලස්සන පාස්පෝට් එකක් දෙනවා කිව්වත් අද වන විට පාස්පෝට් හිගතාව නිසා මහා බරපතල සමාජීය ගැටලුවක් නිර්මාණය වී ඇති බවත් මේ ජනාධිපතිවරයා දිනවන්න විදේශ රටවල සිට ජන්දය දාන්න අයට නැවත යන්න පවා නොහැකි වී ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ආහාරපාන අත්‍යාවශ්‍ය ආහාරවල මිල අඩු කරන බව පැවසුවත් මිල අඩු කිරීම කෙසේ වෙතත් වැඩි වී අත්‍යාවශ්‍ය ආහාරවල හිගයක් ඇතිව තිබෙන බවත් සාමාන්‍ය ජනතාව භාවිත කරන හාල් ටික හෝ ලබා දෙන්න නොහැකි වී ඇති බවත් පොල් ගන්න පෝලිම් පවා ඇතිව තිබෙන බවත් ජීවන බර වැඩි වී අසහනය පීඩනය වැඩි වී ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී පැවසීය.

එසේම අනවශ්‍ය ලෙස වැඩි මිලකට පෙට්‍රල් ඩීසල් විකුනනවා කියු බවත් අධික දූෂණයක් ඇති බව පැවසු බවත් ඔවුන් බලයට පැමිණි පසු එම දූෂනය නැති කර පෙට්‍රල් මිල අඩු කරනවා යැයි කිව්වත් අද වන විට සාමාන්‍ය ජනතාවට වැදගත් තෙල් මිලවත් අඩු කරන්න නොහැකි වී ඇති බවත් නිර්ධන පන්තිය වෙනුවෙන් කතා කරන ඔහු තෙල් අඩු කිරීමේ දී අඩු කර ඇත්තේ ධනපති පන්තිය භාවිත කරන තෙල් බවත් නිර්ධන පන්තිය භාවිත කරන තෙල් අඩු කිරීමට ඔහු කටයුතු නොකළ බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

මේ ක්‍රියාත්මක බොරුකාර රැවටිලිකාර පාලනය ගැන නැවත සිතන ලෙසත් බදු පවා අඩු කරනවා කියු මොහු අයි එම් එෆ් එක ඉදිරියේ දන නමන බවත් මේ ජනාධිපතිවරයා ජනතා අපේක්ෂා සුනු විසුනු කර ඇති බවත් ඔහු ජනතා අපේක්ෂා විනාශ කර මාධ්‍යට පවා බලපැම් කරන බවත් සජිත් ප්‍රේමදාස මෙහි දී අවධාරණය කළේය.

මාලිමා ජනාධිපතිවරයා ඒකාධිපති පාලනයකට උත්සාහ කරනවා

මාධ්‍යට ප්‍රජාතන්ත්‍රවාදී ඇදුම ඇදගන්න යැයි තර්ජනය කරන ජනාධිපතිවරයා ඒකාධිපති පාලනයකට උත්සාහ කරන බවත් එක පක්ෂයක් තුළින් රාජ්‍ය පාලනයක් ගෙනවිත් ප්‍රතිවිරුද්ධ මත නැති කරන්න හිතනවා නම් එයට ඉඩ නොදෙන බවත් ප්‍රජාතන්ත්‍රවාදී රටක ප්‍රජාතන්ත්‍රවාදය අගයන රටක මාධ්‍ය නිදහස තිබිය යුතු බවත් හෙතෙම අවධාරණය කළේය.

What's your reaction?

Related Posts

1 of 438

Leave A Reply

Your email address will not be published. Required fields are marked *