නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ විශේෂ දිනයක් අද

ලබන 21 වනදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත බෙදාහැරීමේ විශේෂ දිනයක් ලෙස අද (08) දිනය වෙන්කර තිබෙනවා.

එම නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා අත්සන් සහිතව භාරගැනීම සඳහා අද දිනයේ දී නිවෙස්වල රැදී සිටීමට කටයුතු කරන ලෙසයි තැපැල් දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

පසුගිය 03 වනදා ආරම්භ වූ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම ලබන සතිය පුරාවටම ද සිදු කෙරෙනවා.

ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද විමසීම පසුගිය 4, 5 සහ 6 යන දිනවල පැවැත්වුණා.

එහෙත් එම දිනවල තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වූ රාජ්‍ය සේවකයින්ට සිය තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම වෙනුවෙන් ලබන බදාදා සහ බ්‍රහස්පතින්දා ද වෙන් කිරීමටයි මැතිවරණ කොමිෂන් සභාව පියවර ගත්තේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *