නිවසකින් මතු වූ ආයුද

මනුෂ්‍ය ඝාතනයක් සදහා සගවා තිබියදී T-56 වර්ගයේ ස්වයංක්‍රීය ගිනිඅවියක්, ජීව උණ්ඩ 14ක් සහිත මැගසිනයක්, කඩුවක් සහ කිනිස්සක්ද ඇතුළුව තියුණු ආයුධ සමග පුද්ගලයින් තිදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට

පොලිස්පති තුමාගේ යුක්තිය මෙහෙයුම සංකල්පය මත මුළු දිවයිනම ආවරණය වන පරිදි විෂ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් හා බෙදා හරින්නන්ගේ ජාලයන් මර්ධනය කර මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ ක්‍රියාකාරකම් මැඩලීම සඳහා සිදු කරනු ලබන වැඩ සටහනට සමගාමීව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි අධ්‍යක්ෂ බුද්ධි ජේෂ්ඨ පොලිස් අධිකාරී එම්.එම්.කේ. විජේසිංහ මහතාගේ මගපෙන්වීම පරිදි සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම්/මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය මත විශේෂ කාර්ය බලකාය බුද්ධි කොට්ඨාශයේ පොලිස් පරීක්ෂක ආර්.එම්.ඒ.පී.බී. රාජනායක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් 2024.04.10 වන දින මරදාන පොලිස් වසමේ ලොක්ගෙට්ලේන් ප්‍රදේශයේ ශ්‍රී බෝධිරාජාරාමය විහාරස්ථානය පිටුපස නිවසක අසල දී වැටලීමක් සිදුකර ඇත.

එහි දී ශ්‍රී බෝධිරාජාරාමය විහාරස්ථානය පිටුපස නිවසක වහලයේ පිටුපස කොටසේ ගමන්මල්ලක බහා මනුෂ්‍ය ඝාතනයක් සදහා සගවා තිබියදී T-56 වර්ගයේ ස්වයංක්‍රීය ගිනිඅවියක්, මි.මි 7.62X39 වර්ගයේ ජීව උණ්ඩ 14ක් සහිත මැගසිනයක්, කඩුවක් සහ කිනිස්සක්ද ඇතුළුව තියුණු ආයුධ සමග මරදාන, කොළඹ 10 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 18, 34, 47 ක් වන පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මරදාන පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

මෙම T-56 වර්ගයේ ස්වයංක්‍රීය ගිනිඅවිය හා තියුණු අවිආයුධ කොළඹ ලොක්ගෙට්ලේන් හා කෙසෙල්වත්ත ප්‍රදේශයේ සංවිධානාත්මක අපරාධ කල්ලි දෙකක් අතර හටගෙන ඇති ගැටුම්කාරී තත්වයක් හේතුවෙන් අදාල ප්‍රතිවිරුද්ධ කණ්ඩායම්වල සාමාජිකයින් වෙඩි තබා කපාකොටා ඝාතනය කිරීම සදහා මෙම ස්වයංක්‍රීය ගිනිඅවිය හා තියුණු ආයුධ මෙම ස්ථානයේ සඟවා ඇති බවට බුද්ධි තොරතුරු මගින් අනාවරණය කරගෙන ඇත

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *