නිවසට පැමිණ තර්ජනය කර ටිපර් රථය පැහැරගෙන ගිහින්

කිළිනොච්චිය, ධර්මපුරම්, උසාවනූර් ප්‍රදේශයේ නිවසකට තියුණු ආයුධ රැගෙන පැමිණි පහළොස් දෙනෙකුගෙන් පමණ සමන්විත පිරිසක් නිවැසියන් බියගන්වා රුපියල් ලක්ෂ 90ක් පමණ වටිනා ටිපර් රථයක් ඊයේ (05) පැහැර ගෙන ගොස් තිබෙනවා.

මෙම අවස්ථාවේදී නිවසේ කාන්තාව මරණ බවට තර්ජනය කොට ටිපර් රථයේ යතුර ඔවුන් විසින් ලබා ගෙන ඇති අතර, ඒ වනවිට ටිපර් රථයේ අයිතිකරු මෙන්ම නිවෙස් හිමියා හා තවත් හතර දෙනෙකු නිවසේ සිට තිබෙනවා.

සිද්ධිය වූ අවස්ථාවේදීම නිවෙස් හිමියා ධර්මපුරම් පොලිසියට දුරකථන ඇමතුමක් ලබාදී ටිපර් රථය සොරකම් කරගෙන ගිය බව දැනුම් දී තිබෙනවා.

වහාම ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් ටිපර් රථය ගිය ප්‍රදේශය ඔස්සේ ඒ පසුපස ලුහුබැඳ යමින් සිටියදී ඔවුන් ටිපර් රථය හා යතුරු පැදි හතරක් මහ මඟ දමා පලාගොස් තිබෙනවා.

එහිදී ධර්මපුරම් පොලිසිය ටිපර් රථය හා යතුරු පැදි හතර පොලිස් භාරයට ගෙන ඇති අතර, එම සොරකම සිදු කිරීමට පැමිණි පිරිස අත්අඩංගුවට ගැනීම පිණිස මෙහෙයුමක් දියත් කොට තිබෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *