නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ දී දේශපාලන බලපෑම්වලින් තොරව රාජකාරිය ඉටුකිරීම සඳහා වූ ධෛර්යක් ඔබට තිබිය යුතුයිමහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත්

නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ දී දේශපාලන බලපෑම්වලින් තොරව රාජකාරිය ඉටුකිරීම සඳහා වූ ධෛර්යක් පොලීසියට තිබිය යුතු බව මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ වසරකට ආසන්න කාලයක් නීතිය, අවි පුහුණුව ඇතුලු ප්‍රායෝගික පොලිස් විධි පිළිබඳව මනා පුහුණුවක් ලබූ ආධුනික උප පොලිස් පරික්ෂකවරුන් 116 දෙනෙකු සහ පොලිස් කොස්තාපල්වරුන් 1169 දෙනෙකු පුහුණුව අවසන් කිරීමෙන් පසු විසිර යාම නිමිත්තෙන් ඉකුත් 14 දා කළුතර පොලිස් විද්‍යාලයේ පැවති උත්සවයකට සහභාගිවෙමිනි.
අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේද පැවසීය.
“පොලීසිය පිළිබඳ තිබෙන ආකල්ප වෙනස් කළ යුතු වෙනවා. ඒ වෙනස් කිරීමේ දී ඔබට පුරෝගාමි කටයුත්තක් කළ හැකියි. නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ දී දේශපාලන බලපෑම්වලින් තොරව ඔබගේ රාජකාරිය, ඔබේ වගකීම්, නිවැරදිව ඉටුකිරීම සඳහා වූ ධෛර්යක් ඔබට තිබිය යුතුයි. ඔබ හැමවෙලාවේම බැඳිලා ඉන්නේ, ඉහළ නිලධාරියෙකු ලබාදෙන නීතියානුකූල විධානයන් පිළිපඳින්න පමණයි. මා නැවත අවධාරණය කරනවා. ඔබ බැඳී සිටිනවා ඔබේ ඉහළ නිලධාරියෙකු ලබාදෙන නීතියානුකූල විධානයන් පිළිපඳින්න පමණයි”.
“යම්කිසි නිලධරයෙක් නීතිවිරෝධී විධානයක් ලබාදෙන්නේ නම් ඔබට ශක්තියක් තිබිය යුතුයි එය නීතිවිරෝධී විධානයක් බවට පෙන්වා දෙන්න. ඒ නිසා කිසිසේත් පැකිලෙන්න එපා. බය නැතුව හෘද සාක්ෂියට එකඟව ඔබ රාජකාරිය කරන්න. අලුත් දේශපාලනය ක්‍රමය තුළ කිසිදු මන්ත්‍රීවරයෙක්, ඇමතිවරයෙක්, ජනාධිපතිවරයෙක් අනීතික දේවල් කරන්න බලපෑම් කරන්නේ නෑ. ඒ නිසා ඔබටත් වගකීමක් තියෙනවා මේ තත්ත්වය තුළ නිවැරදිව රාජකාරිය ඉටුකරන්න” යනුවෙන්ද අමාත්‍යවරයා පවසා සිටියේය

What's your reaction?

Related Posts

1 of 323

Leave A Reply

Your email address will not be published. Required fields are marked *